Tuesday, November 17, 2015

නුඹට ජිවිතය වන්නම්


මගේ 
නෙත
නැගෙන
කඳුලක්...

නුඹට 
හසරැල්ල වේ නම්

ජිවිතය පුරාවට
සිනාසෙන්නට
නුඹට...
මම,
කඳුළු සලන්නම්

Monday, November 16, 2015

රැවටීම








ආදරය 
මා 
නොවෙයි 
රැවටුනේ...

ආදරය
නමින්..
ආදරයමයි
රැවටුනේ...

Tuesday, November 3, 2015

මා විතරක් උනානම්






පිරිමහ ගන්න
තිබුණානේ  අපට
කඳුලත්
හිනාවත්
දෙකම...


නුඹට..
මා 
විතරක්ම
උනානම්...


නුඹේ හිතේ..
මා 
විතරක්ම
උන්නනම්...

Monday, November 2, 2015

ආදරය නම්

පිච්චෙනවා
කියලා
දැන දැනම

පළගැටියා
නටයි
ඉටිපන්දම්
වට කැරකෙමින්....

මියෙන
මොහොතත්
තටු පිලිස්සී

දකිමින්ම
එළිය
ඉටි පන්දම්
හිත තුටින් පුරවන....

මගේ සතුට

හිතට
මගේ,
රිද්දන
තරම්

හසරැල්ල
ගෙනෙයි නම්
නුඹ මුවට,
කොයි තරම්

එයම
සතුටක්
නොවෙද?
ලැබිය හැකි
ඉස්තරම්

හිත පතුල
අකුරු,පද
ගැලපුනත්
කොයි තරම්