Wednesday, November 21, 2018

ඔබට


මගේ ප්‍රේමය මහ සයුර සේ විය
බෝහෝ ගැඹුරුයි විටක නිසලයි
ප්‍රියය ඔබ නැති හුදකලා හිත
රළුව නැඟි මහ වේදනා කන්දයි




Thursday, November 15, 2018

ඔබට



ඔබේ නෙත රැදුන එක සිනහවක් 
සිතින් විමසමි මතකයට ගමි 
හුදකලා සිහින සුළඟක වෙළෙමි
ප්‍රියය - ඒ ප්‍රේමයැයි මා මම රවට ගමි

Wednesday, November 7, 2018

ඔබට


ප්‍රියය - ආලයේ ප්‍රථම සංධවනිය
සමයි මා හෘද ස්පන්දනයට
ගැයුණු කෝමළ ස්වරයක තාලය
සිහිව නාදළු ඉරි ඇදී ඇත



Monday, November 5, 2018

ඔබට


ඉතා දිගු මෝසමට පසුවත්
අහස නොහෙළුව තවත් වැහි ඇති
කඩින් කඩ වැටී කඳුළු හින්දම
ප්‍රියය - ප්‍රේමය ගොළු වෙලා ඇති