Friday, June 29, 2018

ඔබට



අපට - අප අමුත්තන් වු දිනෙක
නොවැළපි මෙලෙස හිනැහෙමි.
අදහන්න හැකිද ප්‍රිය ය,
මම එයට ප්‍රේමය කියමි.

Tuesday, June 26, 2018

ඔබට



ඔබ කොහිද? අන්න ඒ තැන,
වසන්තය උදා වී අැති.
එතැන ඔබ සිනාසෙන විට
සදෙව් ලොව සිරි ඇති.

ඔබට



සතුට යන තේරුමට 
නුඹේ සිනහව ගමි.
දුක කියන වචනයට
මගේ සුසූමක් ගමි.

හදවතේ තැනින් තැන
දුක සතුට අලවමි.
"කිමැයි ප්‍රේමය" අසන කෙනෙකුට
මගේ හද මම පෙන්වමි.

Monday, June 25, 2018

ඔබට




සොඳුර, ඔබ කැමති තැන
ප්‍රියය ඒ ඔබේ උරහිස
සොඳුර, ඔබ නිවෙන තැන
ප්‍රියය ඒ ඔබේ පපුව හරි මැද

Monday, June 18, 2018

ඔබට




ගැඹුරු නින්දක
හුස්ම සගවමි.
කඳුළු සලනට 
දෙනෙත් නොහරිමි.

Wednesday, June 13, 2018

ඔබට




ඔබේ සිනහවක එතී
යළි යළිත් ඉපදෙමි.
ඔබේ හුස්මක වේලී
ජීවිතය කියවමි.