Wednesday, January 30, 2019

ඔබට


කඳුළු ඇස්වලට හිනා වැහි අරන් එන 
කිනම් මායාවක් ගැවසුණිද දොතොල් මත 
ප්‍රියය - ජිවිතය දුෂ්කරයි කියා දැනුනේම 
ඔබේ මුදු හාදුවක් මා වැළද නොගත් දවසට

Tuesday, January 29, 2019

ඔබට


"වෙන්වෙමී" කී සැනින් "ආදරේයි" කියන ඔබ
එවිට මා නිහඬ බව තනිව ඉවසගත් ඔබ
සියුම් ඊතල හිසැති හරස් පද දරාගත් ඔබ
නොසිතුවත් ඔබ ප්‍රියය - හුස්මකට සමය මට

Sunday, January 27, 2019

ඔබට

"අත හැර නොයමි" දිවුරා කියූ දින
මහද ගැස්මක යම් තිගැස්මක් විය
වෙන්ව ගිය අප මතකයක තබා රකින
ප්‍රියය - හද ගැස්ම තමයි ප්‍රේමයට තාලය


Saturday, January 26, 2019

ඔබට

"ඔබට ප්‍රේමයෙනි" කියා පවසනු පිණිස 
වචන සහසක්, ලියූවෙමි කවි අතර 
 ප්‍රියය - කවි වලට වචන නැහැ දැන් 
ඔබ නැතුව "මට පාළුයි" කියන්නට

Monday, January 21, 2019

ඔබට

මහ දුරක් ඇති නමුත් කන්දකට අහසක්
මේ කුළක පටලවා එවා ඇති රහසක් 
ඔබට මා හමුවෙන්න පෙරදි තව මොහොතක්
ප්‍රියය - ඇයි නොඑව්වේ හදවතක ලකුණක්

Wednesday, January 16, 2019

ඔබට

ඔබේ නෙත් මත කිමිදෙමි
කවියකට උල්පත වෙමි
ඔබේ හිත මත සැනහෙමි 
ප්‍රේමයට මාවත වෙමි

Wednesday, January 9, 2019

ඔබට

"ආදරේ කොපමණද" ඇසු විට පෙන්නු 
මේ මහ කන්ද දෙදරීමක් දරා ගත්තට 
ප්‍රියය - ඔබ වෙන්වීම දරන්නට බැරි තැනදි
ම'හද කන්දක් කර සැණින් නික්මෙන්න 

Tuesday, January 1, 2019

ඔබට



ඔබ - මට තිළිණ දුන් සිනහවත්
ඔබ - මට තිළිණ දුන් සෙනෙහසත්
තවත් වසරක් පැරණි වන්නට
ප්‍රියය - ඔබට ප්‍රේමණිය නව වසරක් වේවා