Thursday, March 16, 2017

හුදකලා වෙමී.

හුදකලා වෙමි.
වසක් හෝ සිය වසක් වුව
පියවරක් මත පියවරක්
තබා ආ නොහැකිනම් තව.....

බලා හිදිනෙමි.
කාලයක් හෝ කල්පයක් වුව
සිහිනයත් සිහිනයක් වී

රාත්‍රිය  මියෙද්දීත්....

නොවිමසන්නෙමි.
පසුවදන කොහි පෙරවදන් කී
කවිකමට හෝ කවිවලට
සුළඟ ඒ කවි ගයද්දී....


Friday, January 6, 2017

සෘතුව

ඒ සෘතුව ආවදෙන්..
ඇවිත් ගියාදෙන්..

ඒ සෘතුවට
නවතින්නයැයි
නොකියන්න.

ඒ සෘතුව 
වසන්තයයැයි
නොසිතන්න.

ඒ සෘතුව ආවදෙන්
ඇවිත් ගියාදෙන්

Wednesday, January 4, 2017

සොඳුර


ඔබ නොඑන තැනක හිද,
ලියන අවසන් ලිපිය
නැවතිමේ තිතට කලියෙන්
ලියමි, සොඳුර අාපසු එන්න


තැන

අර ඈත කඳු මුදුන
නුඹටයි , මටයි
නුඹ වෙන් කරපු තැන..
තාමත් ඉඳ හිටක
රෝස පිපෙන්නේත් එතැන.



ඒ කන්ද පාමුල
ඇයටයි , නුඹටයි
නුඹම සීමා ලකුණු කළ තැන..
ඉඳ හිටකවත්
ලුණුයි බතුයි නොපිසෙන තැන.

ආදර කවි



ජිවිතේ: කඩදාසිවල ලියූ ඒ නිදහස් කවි
විසිකළා අහසේ රඳනට ලෙසින් රෑ පායන තරු
දෑස් පියවෙන නිමේෂයකදී දුටුවොතින් නිවෙනා හැටී
ගණන් කරපන් හත්දින්න: කියයි මගේ මරණයේ තතු