Monday, December 7, 2020

ඔබට

සුවෙන්දැයි පරිස්සම්දැයි දැනගැන්ම 

කෙටි පණිවිඩයටත් දිගම උත්තර ලිවීම 

ඔබව හමු‍‍වෙන්න හීනයක ඉඩ තැබීම 

ප්‍රියය - ආදරය,  අපි අපිම - අප සෙවීම

Tuesday, August 4, 2020

ඔබට



අතින් අත අල්ලගෙන අපි අපේ කියාගෙන
අතින් අත හරුණමුත් අපි අපේ හිතාගෙන
ප්‍රියය - ඔබ ප්‍රේමයට, ඔබට කවි ලියාගෙන
මෙතෙක් ප්‍රේමය දරමි. සුසූම් බර දරාගෙන

Friday, July 10, 2020

ඔබට



පෙනෙන ‍- නොපෙනෙන දුරකදිත් ඔබව මේ දෑසට
රිදුමක් ලෙසින් තිගැස්සෙයි හදවතේ ලේ නහර
දහසකුත් දනන් මැද ඔබම පමණක් සිහිවීම
ප්‍රියය - ප්‍රේමයක් නම්, මම වෙමිය - ඔබට ප්‍රේමිය.

Friday, June 26, 2020

සොඳුර


සොඳුර,
අප නිහඬ බව අතර තුර
මතක අතු රිකිළි
සුළඟ හමන අතටම
දුටුවද? නැවෙන හැටි

Sunday, February 9, 2020

සොඳුර



පාළු මහ රෑ මැදියම
සඳ ළඟින් හෙමිහිට
අඳිමි. මම මගේ හදවත


අමුතු හැඩ ඇති තරුවක
නිවෙන දිලෙනා එළියක
කවි බසක් හැඳි⁣නුවොත්
ඉතිං දැන ගත යුතුය - ඔබ 


ඒ තමයි සඳ ලෙසින් - මම
ඔබේ උවනත දුටු දින

Tuesday, January 14, 2020

ඔබට

ප්‍රියය මම, ඔබ - අප නමට
ලියා පවරමි. ප්‍රේමයක් මා විතර
නොහඳුනන්නන් වුවොතින් යම් දිනෙක
බෙදා දෙමි අන් අයට - ඒ ප්‍රේමයම ඔබ විතර