Wednesday, August 10, 2016

සමහර කඳුළු

සමහර කඳුළු ඇත
නෙත'ග උගසට තබාගත්
තවත් සමහර කඳුළු අැත
හිතක අයිතිය ලියාගත්

සමහර පෙම් කතා ඇත
අවසන් නොවී නිමා වෙන
තවත් සමහර පෙම් කතා ඇත
අවසන උවද නිම නොවන

සමහර දවස් ඇත
ඉද හිටෙක මතකයට එන
තවත් සමහර දවස් ඇත
ඇවිත් මතකෙන් නොයා ලතවෙන

සමහර විටක කියවද්දි මෙය නුඹ
මොන විදිහේ කඳුලක් උපදි ද නුඹේ ලඟ
මේ විදිහේ පෙමක් යැයි නමක් දේවීද නුඹම
කොයි තරම් නම් දවස් මතකයේ වැලපෙයි ද

සමහර වේලාවට
මම හිතුවේම ඔව් , තවත් සමහර විටක....