හුදකලාවේ ලියු කවි
හෙමින් මුමුණන්න
Wednesday, July 2, 2025
ඔබට
අතින් අත අල්ලගෙන ඔබයි - මමයි අප දෙදෙන
ඇවිද යන විට මඟක, අත් හැරුණ තැනවල
"
පරිස්සමින්
සුදු මැණික
"
ඔබ සෙමින් මිමිණුව
ප්‍රියය
- කොයිතරම් නම්
ප්‍රිය ද
-
ප්‍රිය ද
ඒ වචන
Monday, June 9, 2025
ඔබට
ඉතිං අපි සමු ගත් පසුව, නාඳුනන්නන් විලස
කවි කියා
ඔබට
ලියු, දහස් ගණනක වචන
අතර නොතිබුණු සුබ පැතුම, ලියමි
කෙටි කර මෙලෙස
ප්‍රියය
- ඔබ මුදු සිනහා ළඟ, ඉටු වේවා සුබ සිහින
Wednesday, March 19, 2025
ඔබට
ඇවිද ගිය ඉතා හුරු පුරුදු මාවතක
නුහුරු ලෙස ඇවිද අතරමං විමි
ප්‍රියය
ඔබ - මම - (අප) යළි හමුව
"තවම මම
ප්‍රේමයෙනි
" ඉතිං ඔබ කී පසුව
Sunday, June 9, 2024
ඔබට
මිහිරිතම
දයාවිය
ඔබ, ඉතා ඉමිහිරි සිනාවෙන්
සැඩව නැඟි චණ්ඩ මාරුත දරාගත් ලෙස ප්‍රිතීයෙන්
අමාරුම - අසීරුම තැන් පුරවලා මෘදු
ප්‍රේමයෙන්
ඉතිං මා ප්‍රිය, හිනාවෙනු මැන වැළඳ ගෙන
ඔබ
ආදරෙන්
Friday, August 18, 2023
ඔබට
මිහිරියැයි නම් කෙරූ තැන් වල
ඔබ නැතිව හිතට පාළුය
ප්‍රියය
- ඔබ වැනි
මිහිරියාවක්
මේ සක්වල යළි හමු නොවනු ඇත
Wednesday, August 31, 2022
ඔබට
ප්‍රේමයැයි
නම් කළ හැකි සියල්ලම
නුඹයි - නුඹයැයි - නුඹමයැයි නම් තබමි
ඉතිං ඉන් පසු ඒ නමින් දුක සතුට ඉවසමි
ප්‍රියය
-
ප්‍රේමයට
පර්යාය ක්‍රියා පදයම මම වෙමි
Friday, May 27, 2022
ඔබට
ඔබේ නෙත් මත කිමිදෙමි
කවියකට උල්පත වෙමි.
ඔබේ හිත මත සැනසෙමි
ප්‍රේමයට
මාවත වෙමි.
Older Posts
Home
Subscribe to:
Posts (Atom)