Tuesday, December 24, 2019

ඔබට

බෙත්ලෙහෙමට - තම්බපණ්ණියට හා අනෙක් තැන් වලට
සීතල - උණුසුම - ප්‍රේමය ද සම විය යුතුය
සාමයේ පණිවිඩය හදවතින් දරාගත් කුරුස මිනිසුනි
ඔබට - ඔබ ප්‍රිය හදවතට, මේ නත්තල ප්‍රේමණීය වේවා

Monday, December 23, 2019

සොඳුර

නුඹේ ගෙළ පලදන්න
රත්තරං නෑ සොඳුර
ලියු කවි පද ගොන්න
බැයිද මුතු කරගන්න

Sunday, December 8, 2019

ඔබට


පුරුද්දක් නැතත් දැන් ඔබට
හිතවතිය මම හොඳින් පවසන්න
ප්‍රියය - ඉඳහිට උනත් මම තවම
දුරක සිට හදවත සිඹිමි මෙලෙස

Sunday, November 10, 2019

සෘතු


ස්ටෙප්ස්;
මිටියාවතට කළියෙන්
වසන්තය ඇවිදින්
ගෙමිදුලට.

ආතුර වු සිතක යළි
පෙම් කවක් ලියන්නට
වසන්තය.
නුඹ හැඬුවා මදි
හිතක් උණු වෙන්ට

Wednesday, August 7, 2019

සෘතු


අප; අප වෙතින් සමු ගද්දීත්
නුඹට තෝර ගන්න ඕන උනේම
එවැනිම සෘතුවක් ;
වැව රවුමේ මල් පිපූණ කාලයක්

එත් මම තෝර ගත්තේම
ඊටත් වෙනස් වු සෘතුවක් ;
ළපළු තුරුපත් පවා ගිලිහෙච්ච කාලයක්

තවම නුඹ පිපෙන මල් වලටත්
මම වැටෙන තුරුපතටත්
පෙම් කරන්නට හේතුව
අද ද හැඳිනගත නොහැකිව
අපට අප ආදරේ වග පමණක්
කවියක ලියන

පෙම්වතිය,
සෘතු දෙකක
නුඹ ; මම

Tuesday, June 4, 2019

ඔබට

ඔබ හමුනොවනට
හිඩැස් තියායමි.

යළි නොහරින්නට
දෑස් පියාගමි.

Thursday, May 30, 2019

ඔබට

"ඉතිං නැවතිය යුතු ය මෙතනින්
යළිදු නොබැලිය යුතු ය රහසින්
"


එත් අපි නවතින්න
තිබුණේම අතනින්
නුඹ හැරෙන වංගුවට
අඩි දෙකක් නුදුරෙන්

Thursday, May 23, 2019

සෘතු

සුසූම් ඇහැරුණ සෘතු
හුස්ම නැවතුන සෘතු
අපේ ප්‍රේමයට තිබුණේ
ඒවැනි වු දිග සෘතු


වරක් දෙවරක් මතක හැටියට
ඔබේ පපුවේ හිස තියා ඇති
ඒ තමයි අපේ ප්‍රේමයේ
උදා වු කෙටිම කෙටි සෘතු

Monday, April 8, 2019

ඔබට

විශ්වය ගෙන තබමි. ප්‍රේමිය ඔබ ළඟ
නලල මත හාදු දී ඔබ උන පොරොන්දුව
මෙලෙස දෝතින් තිළිණ කර දෙන විටක
 ප්‍රේමයේ දහමට නතුව ප්‍රියය - ඔබ අදහමි.

Thursday, April 4, 2019

ඔබට


විශ්වය ගෙන තබමි. ප්‍රේමිය ඔබ ළඟ
නලල මත හාදු දී ඔබ උන පොරොන්දුව
මෙලෙස දෝතින් තිළිණ කර දෙන විටක
 ප්‍රේමයේ දහමට නතුව ප්‍රියය - ඔබ අදහමි.





Wednesday, February 13, 2019

ඔබට

ප්‍රියය - ආදරයෙන් හමුවන
අහස පොළව අතරමැද
ප්‍රේමයට දළු දා වැඩෙන්නට 
අපිත් ප්‍රිය ගහක් හිටවමු

Monday, February 11, 2019

ඔබට

ඉර හඳ ද හා තවත් තරු කැට
"කඩා දෙමි" ⁣වෙන පොරෙන්දු ද
ප්‍රියය - අමතක කරමු අපි
අප ට, අපිවම සිහින වූ කල

Saturday, February 9, 2019

ඔබට

වසන්තයේ දිග පළල 
විමසයි නම් කවරෙකු හෝ 
කියමි. මම ඒ අයට 
නුඹේ සිනහව ඒ තරම් බව

Sunday, February 3, 2019

ඔබට


" මේ මොහොත විඳගැන්ම"
ප්‍රේමයැයි අදහන්නේ වෙන කවුද
ප්‍රියය - ඔබ, ඔබ හැරෙන්නට
ඒ හිනාවට "ජිවිතය" කිව්වේ කවුරුද

Wednesday, January 30, 2019

ඔබට


කඳුළු ඇස්වලට හිනා වැහි අරන් එන 
කිනම් මායාවක් ගැවසුණිද දොතොල් මත 
ප්‍රියය - ජිවිතය දුෂ්කරයි කියා දැනුනේම 
ඔබේ මුදු හාදුවක් මා වැළද නොගත් දවසට

Tuesday, January 29, 2019

ඔබට


"වෙන්වෙමී" කී සැනින් "ආදරේයි" කියන ඔබ
එවිට මා නිහඬ බව තනිව ඉවසගත් ඔබ
සියුම් ඊතල හිසැති හරස් පද දරාගත් ඔබ
නොසිතුවත් ඔබ ප්‍රියය - හුස්මකට සමය මට

Sunday, January 27, 2019

ඔබට

"අත හැර නොයමි" දිවුරා කියූ දින
මහද ගැස්මක යම් තිගැස්මක් විය
වෙන්ව ගිය අප මතකයක තබා රකින
ප්‍රියය - හද ගැස්ම තමයි ප්‍රේමයට තාලය


Saturday, January 26, 2019

ඔබට

"ඔබට ප්‍රේමයෙනි" කියා පවසනු පිණිස 
වචන සහසක්, ලියූවෙමි කවි අතර 
 ප්‍රියය - කවි වලට වචන නැහැ දැන් 
ඔබ නැතුව "මට පාළුයි" කියන්නට

Monday, January 21, 2019

ඔබට

මහ දුරක් ඇති නමුත් කන්දකට අහසක්
මේ කුළක පටලවා එවා ඇති රහසක් 
ඔබට මා හමුවෙන්න පෙරදි තව මොහොතක්
ප්‍රියය - ඇයි නොඑව්වේ හදවතක ලකුණක්

Wednesday, January 16, 2019

ඔබට

ඔබේ නෙත් මත කිමිදෙමි
කවියකට උල්පත වෙමි
ඔබේ හිත මත සැනහෙමි 
ප්‍රේමයට මාවත වෙමි

Wednesday, January 9, 2019

ඔබට

"ආදරේ කොපමණද" ඇසු විට පෙන්නු 
මේ මහ කන්ද දෙදරීමක් දරා ගත්තට 
ප්‍රියය - ඔබ වෙන්වීම දරන්නට බැරි තැනදි
ම'හද කන්දක් කර සැණින් නික්මෙන්න 

Tuesday, January 1, 2019

ඔබට



ඔබ - මට තිළිණ දුන් සිනහවත්
ඔබ - මට තිළිණ දුන් සෙනෙහසත්
තවත් වසරක් පැරණි වන්නට
ප්‍රියය - ඔබට ප්‍රේමණිය නව වසරක් වේවා