ඔබ ඔතන මම මෙතන ඉතිං අප අතර
ගව් සියක් හා තවත් දුර දහසකි පියවර
වහා තරණය කර අප වටා ඇති සමුදුර
"ප්‍රේමයෙනි" කියන් මා බදා හිරකර
හිතේ ඇති
අදහස පැහුණොත් කවියකට
මෙලෙස
පද ලියැවේවි ඒ ඔබට දකින්නට
හුස්මක්
වැටිය යුතුමයිනේ ජිවත් වෙන්ට
“හුස්මකැයි” කියන
අය ඇති අදත් ඔය හිනාවට