Friday, November 4, 2016

ආදරය නුඹ සොයමි

සොයමි මම..
තවම නුඹ..  
කොහෙද හැංගෙනු  
මිදි මාවෙතින්..

රෑක හීනෙන්  
සිතට ගොඩවනු මිසක 
හැබැහින් එන්නේ නැතිවද?

කඳුල ලඟ 
සිනහා රේඛා
අඳින්නට හැක  
ආවොතින් නුඹ...

සොයමි මම..  
ආදරය නුඹ..

Thursday, November 3, 2016

ඉතිං ආදරය

                                                          
ඉතිං..
ආදරය
මේ හැටිම
පුළුවන්ද ?
කඳුලක් වෙලා
මගේ නෙත් රිද්දන්න..

ඉතිං..
ආදරය
මේ හැටිම
පුළුවන්ද ?
සුසූමක් වෙලා
මගේ හිත පාරන්න..

ඉතිං..
ආදරය
මේ හැටිම
පුළුවන්ද ?
බොහෝ දුර ඇතක ඇදී
නුඹට තනියෙන් හිනැහෙන්න..