Tuesday, June 26, 2018

ඔබට



ඔබ කොහිද? අන්න ඒ තැන,
වසන්තය උදා වී අැති.
එතැන ඔබ සිනාසෙන විට
සදෙව් ලොව සිරි ඇති.

ඔබට



සතුට යන තේරුමට 
නුඹේ සිනහව ගමි.
දුක කියන වචනයට
මගේ සුසූමක් ගමි.

හදවතේ තැනින් තැන
දුක සතුට අලවමි.
"කිමැයි ප්‍රේමය" අසන කෙනෙකුට
මගේ හද මම පෙන්වමි.