Sunday, December 9, 2018

ඔබට

ඔබ කියන ලෙස මෙයද ප්‍රේමය 
අතින් අත බැඳී හිමිකමට නතුවීම
ප්‍රියය ප්‍රේමයැයි නම් කරන්නට බැරිද
සුසුමකදි - හුස්මකදි ඔබව මට සිහිවීම 

Wednesday, November 21, 2018

ඔබට


මගේ ප්‍රේමය මහ සයුර සේ විය
බෝහෝ ගැඹුරුයි විටක නිසලයි
ප්‍රියය ඔබ නැති හුදකලා හිත
රළුව නැඟි මහ වේදනා කන්දයි




Thursday, November 15, 2018

ඔබට



ඔබේ නෙත රැදුන එක සිනහවක් 
සිතින් විමසමි මතකයට ගමි 
හුදකලා සිහින සුළඟක වෙළෙමි
ප්‍රියය - ඒ ප්‍රේමයැයි මා මම රවට ගමි

Wednesday, November 7, 2018

ඔබට


ප්‍රියය - ආලයේ ප්‍රථම සංධවනිය
සමයි මා හෘද ස්පන්දනයට
ගැයුණු කෝමළ ස්වරයක තාලය
සිහිව නාදළු ඉරි ඇදී ඇත



Monday, November 5, 2018

ඔබට


ඉතා දිගු මෝසමට පසුවත්
අහස නොහෙළුව තවත් වැහි ඇති
කඩින් කඩ වැටී කඳුළු හින්දම
ප්‍රියය - ප්‍රේමය ගොළු වෙලා ඇති

Tuesday, October 30, 2018

ඔබට


ආදරේයි ඔබ කීව මෘදූම වචනය සිහිව
මිරිඟුවක් දකිමි එහිදී ඔබ වැළඳ ගමි.
වෙන් වෙන්න පුළුවන් උනත් මට - ඔබට
ප්‍රියය - මිරිඟුව තව නමක් ප්‍රේමයට

Tuesday, September 11, 2018

ඔබට


වසන්තය කියන්නේ ඔබටයි මටයි
ප්‍රිය ය - කවි ගීත වලට එහෙමයි
දුෂ්කරයි - රළුයි ජිවිතය මෙබඳුයි
අපට සිසිරයත් - හේමන්තයත් අපිමයි

Thursday, August 30, 2018

ඔබට

ප්‍රේමයත් මහ මුලාවක්යැයි
අතැර යන්නට විටෙක සිත් වෙයි
එහෙත් ඔබ නෙත කරන ඉඟියක
ප්‍රිය ය - මම වහ වහා පැටලෙයි

ඔබට


කවදා කොතැනක කොහෙදි හෝ
අපව හමුඋන හුරු බවක් ඇත
මගේ නෙත් මත ඔබේ පිළිබිඹු 
ප්‍රිය ය - ඇඳුනේ එදා වෙන්නැති

Sunday, August 26, 2018

ඔබට


ප්‍රිය ය - ඔබ නොදන්නව ඇති 
කඳුලුවලටත් රහක් තියෙනවා
නොනින්දක අතර මැද්දේ දී 
ප්‍රිය ය - ඒ රහ තාම දැනෙනවා 

Thursday, August 23, 2018

ඔබට


නිතර ඔබ තනියම හිනැහෙන්න
කැමතිම ගීත සුළඟට මුමූණන්න
හේතුව නොවිමසමි එනමුදු තිගැස්මෙනි
ප්‍රියය - ප්‍රේමයක් වෙද අන් තැනක

Thursday, August 16, 2018

ඔබට

සමහර දවස් වල හැන්දෑවට
හදවත ගැහෙනවා මහ අමුතු විදිහට
මෙන්න මේකයි සුහද එයට හේතුව
සිතෙයි එක්වර මාව දැන් පහු කළේ ඔබ

Tuesday, August 7, 2018

ඔබට


සුපෙම්වත ඔබේ වචනයක්
පිරුණ මුදු ආදර තෙතක්
කවිවලත් නැති තාලයක්
ප්‍රියය - ඔබ මට මහ කලාවක්

Friday, August 3, 2018

ඔබට

සොඳුර ඔබ මිහිරිතම තනුවක්
කියා ඔබ ලියුව එක කවියක්
මැකී යන තුරුම මතකෙන්
ප්‍රියය - කවි කියන්නේම බොරුවක්

Thursday, July 12, 2018

ඔබට



ඔබ සිහිල් මුදු පවනක්ද
තෙතැති සුසිනිදු මේ කුලක්ද
උරහිසෙහි රදවන් එන්න
ප්‍රියය දුෂ්කරය - රළුය මෙදින

ඔබට



නිතර මම ඔබ පිරික්සමි
"දුකිනි " ඔබ කවියක් දකිමි
ප්‍රියය - මම අතීතය වෙමි
කිමද නොඅසා ලතවෙමි

Sunday, July 8, 2018

ඔබට



මතක අවුස්සන එක
තමයි ජිවිතය දැන් මට
"මම හොඳින්" ඔබ ලියා ඇති
ඒ තමයි මම -  වැඩිපුරම කියවනා තැන

Saturday, July 7, 2018

ඔබට



මේ කවිය, 
නුඹටයි නොකියමි.
එහෙත්
"නුඹ"යන්න 
තදැති අකුරෙන් ලියමි.

Friday, July 6, 2018

ඔබට



"සුවෙන්දැයි" ඇසුවහොත් 
හැකි පමණ හිනැහෙමි
සුසුම් හැංගුව තැනින් 
බරට හුස්මක් ගමී.

Friday, June 29, 2018

ඔබට



අපට - අප අමුත්තන් වු දිනෙක
නොවැළපි මෙලෙස හිනැහෙමි.
අදහන්න හැකිද ප්‍රිය ය,
මම එයට ප්‍රේමය කියමි.

Tuesday, June 26, 2018

ඔබට



ඔබ කොහිද? අන්න ඒ තැන,
වසන්තය උදා වී අැති.
එතැන ඔබ සිනාසෙන විට
සදෙව් ලොව සිරි ඇති.

ඔබට



සතුට යන තේරුමට 
නුඹේ සිනහව ගමි.
දුක කියන වචනයට
මගේ සුසූමක් ගමි.

හදවතේ තැනින් තැන
දුක සතුට අලවමි.
"කිමැයි ප්‍රේමය" අසන කෙනෙකුට
මගේ හද මම පෙන්වමි.

Monday, June 25, 2018

ඔබට




සොඳුර, ඔබ කැමති තැන
ප්‍රියය ඒ ඔබේ උරහිස
සොඳුර, ඔබ නිවෙන තැන
ප්‍රියය ඒ ඔබේ පපුව හරි මැද

Monday, June 18, 2018

ඔබට




ගැඹුරු නින්දක
හුස්ම සගවමි.
කඳුළු සලනට 
දෙනෙත් නොහරිමි.

Wednesday, June 13, 2018

ඔබට




ඔබේ සිනහවක එතී
යළි යළිත් ඉපදෙමි.
ඔබේ හුස්මක වේලී
ජීවිතය කියවමි.

Tuesday, January 30, 2018

ඔබට 3







ඔබට තිබුණා,
ආදරේ බව නොකියන්න
රහසක්ව රැකගන්න,

එහෙම නම්, මටත් තිබුණා
අන්න අර මහ කන්ද වගේ
නොසැලෙන්න, නොතැවෙන්න.

Thursday, January 25, 2018

ඔබට 2










වසන්තයේ දිග පළල
විමසයි නම් කවරෙකු හෝ
කියමි. මම ඒ අයට,
නුඹේ සිනහව ඒ තරම් බව...