Monday, November 2, 2015

ආදරය නම්

පිච්චෙනවා
කියලා
දැන දැනම

පළගැටියා
නටයි
ඉටිපන්දම්
වට කැරකෙමින්....

මියෙන
මොහොතත්
තටු පිලිස්සී

දකිමින්ම
එළිය
ඉටි පන්දම්
හිත තුටින් පුරවන....

මගේ සතුට

හිතට
මගේ,
රිද්දන
තරම්

හසරැල්ල
ගෙනෙයි නම්
නුඹ මුවට,
කොයි තරම්

එයම
සතුටක්
නොවෙද?
ලැබිය හැකි
ඉස්තරම්

හිත පතුල
අකුරු,පද
ගැලපුනත්
කොයි තරම්