Thursday, July 12, 2018

ඔබට



ඔබ සිහිල් මුදු පවනක්ද
තෙතැති සුසිනිදු මේ කුලක්ද
උරහිසෙහි රදවන් එන්න
ප්‍රියය දුෂ්කරය - රළුය මෙදින

ඔබට



නිතර මම ඔබ පිරික්සමි
"දුකිනි " ඔබ කවියක් දකිමි
ප්‍රියය - මම අතීතය වෙමි
කිමද නොඅසා ලතවෙමි

Sunday, July 8, 2018

ඔබට



මතක අවුස්සන එක
තමයි ජිවිතය දැන් මට
"මම හොඳින්" ඔබ ලියා ඇති
ඒ තමයි මම -  වැඩිපුරම කියවනා තැන

Saturday, July 7, 2018

ඔබට



මේ කවිය, 
නුඹටයි නොකියමි.
එහෙත්
"නුඹ"යන්න 
තදැති අකුරෙන් ලියමි.

Friday, July 6, 2018

ඔබට



"සුවෙන්දැයි" ඇසුවහොත් 
හැකි පමණ හිනැහෙමි
සුසුම් හැංගුව තැනින් 
බරට හුස්මක් ගමී.