Showing posts with label හුදකලා කවි. Show all posts
Showing posts with label හුදකලා කවි. Show all posts

Friday, July 10, 2020

ඔබට



පෙනෙන ‍- නොපෙනෙන දුරකදිත් ඔබව මේ දෑසට
රිදුමක් ලෙසින් තිගැස්සෙයි හදවතේ ලේ නහර
දහසකුත් දනන් මැද ඔබම පමණක් සිහිවීම
ප්‍රියය - ප්‍රේමයක් නම්, මම වෙමිය - ඔබට ප්‍රේමිය.

Friday, June 26, 2020

සොඳුර


සොඳුර,
අප නිහඬ බව අතර තුර
මතක අතු රිකිළි
සුළඟ හමන අතටම
දුටුවද? නැවෙන හැටි

Friday, November 4, 2016

ආදරය නුඹ සොයමි

සොයමි මම..
තවම නුඹ..  
කොහෙද හැංගෙනු  
මිදි මාවෙතින්..

රෑක හීනෙන්  
සිතට ගොඩවනු මිසක 
හැබැහින් එන්නේ නැතිවද?

කඳුල ලඟ 
සිනහා රේඛා
අඳින්නට හැක  
ආවොතින් නුඹ...

සොයමි මම..  
ආදරය නුඹ..

Thursday, November 3, 2016

ඉතිං ආදරය

                                                          
ඉතිං..
ආදරය
මේ හැටිම
පුළුවන්ද ?
කඳුලක් වෙලා
මගේ නෙත් රිද්දන්න..

ඉතිං..
ආදරය
මේ හැටිම
පුළුවන්ද ?
සුසූමක් වෙලා
මගේ හිත පාරන්න..

ඉතිං..
ආදරය
මේ හැටිම
පුළුවන්ද ?
බොහෝ දුර ඇතක ඇදී
නුඹට තනියෙන් හිනැහෙන්න..

Wednesday, February 24, 2016

නුඹේන් සිත නොමිදෙන හැටි




හීන ගෙන ආ
තරමටත් වැඩියෙන්
කඳුලු ගෙන ආවත්
මගේ නෙතට
නුඹ....

නුඹේන් 
මගේ සිත
නොමිදෙන හැටි...

කියා දෙන්නට 
මේ මහා රෑ
නුඹේ නෙත 
අවදියෙන්නම්.....

Tuesday, November 17, 2015

නුඹට ජිවිතය වන්නම්


මගේ 
නෙත
නැගෙන
කඳුලක්...

නුඹට 
හසරැල්ල වේ නම්

ජිවිතය පුරාවට
සිනාසෙන්නට
නුඹට...
මම,
කඳුළු සලන්නම්

Monday, November 16, 2015

රැවටීම








ආදරය 
මා 
නොවෙයි 
රැවටුනේ...

ආදරය
නමින්..
ආදරයමයි
රැවටුනේ...

Tuesday, November 3, 2015

මා විතරක් උනානම්






පිරිමහ ගන්න
තිබුණානේ  අපට
කඳුලත්
හිනාවත්
දෙකම...


නුඹට..
මා 
විතරක්ම
උනානම්...


නුඹේ හිතේ..
මා 
විතරක්ම
උන්නනම්...

Monday, November 2, 2015

ආදරය නම්

පිච්චෙනවා
කියලා
දැන දැනම

පළගැටියා
නටයි
ඉටිපන්දම්
වට කැරකෙමින්....

මියෙන
මොහොතත්
තටු පිලිස්සී

දකිමින්ම
එළිය
ඉටි පන්දම්
හිත තුටින් පුරවන....

මගේ සතුට

හිතට
මගේ,
රිද්දන
තරම්

හසරැල්ල
ගෙනෙයි නම්
නුඹ මුවට,
කොයි තරම්

එයම
සතුටක්
නොවෙද?
ලැබිය හැකි
ඉස්තරම්

හිත පතුල
අකුරු,පද
ගැලපුනත්
කොයි තරම්