හුදකලාවේ ලියු කවි
හෙමින් මුමුණන්න
Wednesday, January 30, 2019
ඔබට
කඳුළු ඇස්වලට හිනා වැහි අරන් එන
කිනම් මායාවක් ගැවසුණිද දොතොල් මත
ප්‍රියය
- ජිවිතය දුෂ්කරයි කියා දැනුනේම
ඔබේ මුදු හාදුවක් මා වැළද නොගත් දවසට
Tuesday, January 29, 2019
ඔබට
"
වෙන්වෙමී
" කී සැනින් "
ආදරේයි
" කියන ඔබ
එවිට මා නිහඬ බව තනිව ඉවසගත් ඔබ
සියුම් ඊතල හිසැති හරස් පද දරාගත් ඔබ
නොසිතුවත් ඔබ
ප්‍රියය
- හුස්මකට සමය මට
Sunday, January 27, 2019
ඔබට
"
අත හැර නොයමි"
දිවුරා කියූ දින
මහද ගැස්මක යම් තිගැස්මක් විය
වෙන්ව ගිය අප මතකයක තබා රකින
ප්‍රියය
- හද ගැස්ම තමයි
ප්‍රේමයට
තාලය
Saturday, January 26, 2019
ඔබට
"
ඔබට ප්‍රේමයෙනි
" කියා පවසනු පිණිස
වචන සහසක්, ලියූවෙමි කවි අතර
ප්‍රියය
- කවි වලට වචන නැහැ දැන්
ඔබ නැතුව "
මට පාළුයි
" කියන්නට
Monday, January 21, 2019
ඔබට
මහ දුරක් ඇති නමුත් කන්දකට අහසක්
මේ කුළක පටලවා එවා ඇති රහසක්
ඔබට මා හමුවෙන්න පෙරදි තව මොහොතක්
ප්‍රියය
- ඇයි නොඑව්වේ
හදවතක
ලකුණක්
Wednesday, January 16, 2019
ඔබට
ඔබේ නෙත් මත කිමිදෙමි
කවියකට උල්පත වෙමි
ඔබේ හිත මත සැනහෙමි
ප්‍රේමයට
මාවත වෙමි
Wednesday, January 9, 2019
ඔබට
"
ආදරේ කොපමණද
" ඇසු විට පෙන්නු
මේ මහ කන්ද දෙදරීමක් දරා ගත්තට
ප්‍රියය
- ඔබ වෙන්වීම දරන්නට බැරි තැනදි
ම'හද කන්දක් කර සැණින් නික්මෙන්න
Tuesday, January 1, 2019
ඔබට
ඔබ - මට තිළිණ දුන් සිනහවත්
ඔබ - මට තිළිණ දුන් සෙනෙහසත්
තවත් වසරක් පැරණි වන්නට
ප්‍රියය
- ඔබට
ප්‍රේමණිය
නව වසරක් වේවා
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)