Thursday, August 4, 2016

සැවොම නිදිගත් අමාවක රෑ

සැවොම නිදිගත් අමාවක රෑ
සුරඟනක් විත් ඒ කනත්තට
පාළු වු සොහොන් කොත මත
මලක මල් පෙති තියා තිබුණා

සුරඟනක වුව ඒ දැස් වල
මෝදු වු කඳුලක්ද තිබුණා
කියා ගන්නට බැරි කතාවක්
හදවතේ සගවාන උන්නා

වැටුණු ඒ උණු කඳුළු කැටියට
මැරුණ හදවත හුස්ම ගත්තා
එත් නැඟි ඒ සුසූම් පොදකට
බියව සුරඟන සැගව ගත්තා

යළිත් ඉන් පසු අමාවක රෑ
තිස් තුනක් ගෙවී තිබුණා
එත් ඉන් පසු සුරඟනක් එහි
ආ බවට සලකුණක් නැතුවා

එත් සඳ නැති සමහර දවස් වල
සුළඟ අමුතුම හඬක් නැගුවා
හුස්ම ගත් ඒ හදවතේ හඬ
සුළඟ හොරකම් කරන් තිබුණා


No comments:

Post a Comment