Wednesday, June 13, 2018

ඔබට




ඔබේ සිනහවක එතී
යළි යළිත් ඉපදෙමි.
ඔබේ හුස්මක වේලී
ජීවිතය කියවමි.

Tuesday, January 30, 2018

ඔබට 3







ඔබට තිබුණා,
ආදරේ බව නොකියන්න
රහසක්ව රැකගන්න,

එහෙම නම්, මටත් තිබුණා
අන්න අර මහ කන්ද වගේ
නොසැලෙන්න, නොතැවෙන්න.

Thursday, January 25, 2018

ඔබට 2










වසන්තයේ දිග පළල
විමසයි නම් කවරෙකු හෝ
කියමි. මම ඒ අයට,
නුඹේ සිනහව ඒ තරම් බව...




Monday, January 15, 2018

ඔබට










ආකහේ සලකුණු බලමි
හිඳින තැන හඳුනගමි
සිතින් පියවර මනිමි
හාදුවක් සුළඟක තබමි

Thursday, March 16, 2017

හුදකලා වෙමී.

හුදකලා වෙමි.
වසක් හෝ සිය වසක් වුව
පියවරක් මත පියවරක්
තබා ආ නොහැකිනම් තව.....

බලා හිදිනෙමි.
කාලයක් හෝ කල්පයක් වුව
සිහිනයත් සිහිනයක් වී

රාත්‍රිය  මියෙද්දීත්....

නොවිමසන්නෙමි.
පසුවදන කොහි පෙරවදන් කී
කවිකමට හෝ කවිවලට
සුළඟ ඒ කවි ගයද්දී....