හුදකලාවේ ලියු කවි
හෙමින් මුමුණන්න
Tuesday, August 7, 2018
ඔබට
සුපෙම්වත ඔබේ වචනයක්
පිරුණ මුදු ආදර තෙතක්
කවිවලත් නැති තාලයක්
ප්‍රියය - ඔබ මට
මහ කලාවක්
Friday, August 3, 2018
ඔබට
“
සොඳුර ඔබ මිහිරිතම තනුවක්
”
කියා ඔබ ලියුව එක කවියක්
මැකී යන තුරුම මතකෙන්
ප්‍රියය - කවි කියන්නේම බොරුවක්
Thursday, July 12, 2018
ඔබට
ඔබ සිහිල් මුදු පවනක්ද
තෙතැති සුසිනිදු මේ කුලක්ද
උරහිසෙහි රදවන් එන්න
ප්‍රියය දුෂ්කරය - රළුය මෙදින
ඔබට
නිතර මම ඔබ පිරික්සමි
"
දුකිනි
" ඔබ කවියක් දකිමි
ප්‍රියය - මම අතීතය වෙමි
කිමද නොඅසා ලතවෙමි
Sunday, July 8, 2018
ඔබට
මතක අවුස්සන එක
තමයි ජිවිතය දැන් මට
"
මම හොඳින්
" ඔබ ලියා ඇති
ඒ තමයි මම - වැඩිපුරම කියවනා තැන
Saturday, July 7, 2018
ඔබට
මේ කවිය,
නුඹටයි නොකියමි.
එහෙත්
"
නුඹ
"යන්න
තදැති අකුරෙන් ලියමි.
Friday, July 6, 2018
ඔබට
"
සුවෙන්දැයි
" ඇසුවහොත්
හැකි පමණ හිනැහෙමි
සුසුම් හැංගුව තැනින්
බරට හුස්මක් ගමී.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)