Friday, November 4, 2016

ආදරය නුඹ සොයමි

සොයමි මම..
තවම නුඹ..  
කොහෙද හැංගෙනු  
මිදි මාවෙතින්..

රෑක හීනෙන්  
සිතට ගොඩවනු මිසක 
හැබැහින් එන්නේ නැතිවද?

කඳුල ලඟ 
සිනහා රේඛා
අඳින්නට හැක  
ආවොතින් නුඹ...

සොයමි මම..  
ආදරය නුඹ..

Thursday, November 3, 2016

ඉතිං ආදරය

                                                          
ඉතිං..
ආදරය
මේ හැටිම
පුළුවන්ද ?
කඳුලක් වෙලා
මගේ නෙත් රිද්දන්න..

ඉතිං..
ආදරය
මේ හැටිම
පුළුවන්ද ?
සුසූමක් වෙලා
මගේ හිත පාරන්න..

ඉතිං..
ආදරය
මේ හැටිම
පුළුවන්ද ?
බොහෝ දුර ඇතක ඇදී
නුඹට තනියෙන් හිනැහෙන්න..

Wednesday, August 10, 2016

සමහර කඳුළු

සමහර කඳුළු ඇත
නෙත'ග උගසට තබාගත්
තවත් සමහර කඳුළු අැත
හිතක අයිතිය ලියාගත්

සමහර පෙම් කතා ඇත
අවසන් නොවී නිමා වෙන
තවත් සමහර පෙම් කතා ඇත
අවසන උවද නිම නොවන

සමහර දවස් ඇත
ඉද හිටෙක මතකයට එන
තවත් සමහර දවස් ඇත
ඇවිත් මතකෙන් නොයා ලතවෙන

සමහර විටක කියවද්දි මෙය නුඹ
මොන විදිහේ කඳුලක් උපදි ද නුඹේ ලඟ
මේ විදිහේ පෙමක් යැයි නමක් දේවීද නුඹම
කොයි තරම් නම් දවස් මතකයේ වැලපෙයි ද

සමහර වේලාවට
මම හිතුවේම ඔව් , තවත් සමහර විටක....


Thursday, August 4, 2016

සැවොම නිදිගත් අමාවක රෑ

සැවොම නිදිගත් අමාවක රෑ
සුරඟනක් විත් ඒ කනත්තට
පාළු වු සොහොන් කොත මත
මලක මල් පෙති තියා තිබුණා

සුරඟනක වුව ඒ දැස් වල
මෝදු වු කඳුලක්ද තිබුණා
කියා ගන්නට බැරි කතාවක්
හදවතේ සගවාන උන්නා

වැටුණු ඒ උණු කඳුළු කැටියට
මැරුණ හදවත හුස්ම ගත්තා
එත් නැඟි ඒ සුසූම් පොදකට
බියව සුරඟන සැගව ගත්තා

යළිත් ඉන් පසු අමාවක රෑ
තිස් තුනක් ගෙවී තිබුණා
එත් ඉන් පසු සුරඟනක් එහි
ආ බවට සලකුණක් නැතුවා

එත් සඳ නැති සමහර දවස් වල
සුළඟ අමුතුම හඬක් නැගුවා
හුස්ම ගත් ඒ හදවතේ හඬ
සුළඟ හොරකම් කරන් තිබුණා


Wednesday, February 24, 2016

නුඹේන් සිත නොමිදෙන හැටි




හීන ගෙන ආ
තරමටත් වැඩියෙන්
කඳුලු ගෙන ආවත්
මගේ නෙතට
නුඹ....

නුඹේන් 
මගේ සිත
නොමිදෙන හැටි...

කියා දෙන්නට 
මේ මහා රෑ
නුඹේ නෙත 
අවදියෙන්නම්.....

Tuesday, November 17, 2015

නුඹට ජිවිතය වන්නම්


මගේ 
නෙත
නැගෙන
කඳුලක්...

නුඹට 
හසරැල්ල වේ නම්

ජිවිතය පුරාවට
සිනාසෙන්නට
නුඹට...
මම,
කඳුළු සලන්නම්

Monday, November 16, 2015

රැවටීම








ආදරය 
මා 
නොවෙයි 
රැවටුනේ...

ආදරය
නමින්..
ආදරයමයි
රැවටුනේ...