හුදකලාවේ ලියු කවි
හෙමින් මුමුණන්න
Monday, January 21, 2019
ඔබට
මහ දුරක් ඇති නමුත් කන්දකට අහසක්
මේ කුළක පටලවා එවා ඇති රහසක්
ඔබට මා හමුවෙන්න පෙරදි තව මොහොතක්
ප්‍රියය
- ඇයි නොඑව්වේ
හදවතක
ලකුණක්
Wednesday, January 16, 2019
ඔබට
ඔබේ නෙත් මත කිමිදෙමි
කවියකට උල්පත වෙමි
ඔබේ හිත මත සැනහෙමි
ප්‍රේමයට
මාවත වෙමි
Wednesday, January 9, 2019
ඔබට
"
ආදරේ කොපමණද
" ඇසු විට පෙන්නු
මේ මහ කන්ද දෙදරීමක් දරා ගත්තට
ප්‍රියය
- ඔබ වෙන්වීම දරන්නට බැරි තැනදි
ම'හද කන්දක් කර සැණින් නික්මෙන්න
Tuesday, January 1, 2019
ඔබට
ඔබ - මට තිළිණ දුන් සිනහවත්
ඔබ - මට තිළිණ දුන් සෙනෙහසත්
තවත් වසරක් පැරණි වන්නට
ප්‍රියය
- ඔබට
ප්‍රේමණිය
නව වසරක් වේවා
Sunday, December 9, 2018
ඔබට
ඔබ කියන ලෙස මෙයද
ප්‍රේමය
අතින් අත බැඳී හිමිකමට නතුවීම
ප්‍රියය
ප්‍රේමයැයි
නම් කරන්නට බැරිද
සුසුමකදි - හුස්මකදි
ඔබව මට සිහිවීම
Wednesday, November 21, 2018
ඔබට
මගේ ප්‍රේමය
මහ සයුර සේ විය
බෝහෝ ගැඹුරුයි විටක නිසලයි
ප්‍රියය
ඔබ නැති හුදකලා හිත
රළුව නැඟි මහ
වේදනා කන්දයි
Thursday, November 15, 2018
ඔබට
ඔබේ නෙත රැදුන එක සිනහවක්
සිතින් විමසමි මතකයට ගමි
හුදකලා සිහින සුළඟක වෙළෙමි
ප්‍රියය
- ඒ
ප්‍රේමයැයි
මා මම රවට ගමි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)