හුදකලාවේ ලියු කවි
හෙමින් මුමුණන්න
Friday, June 26, 2020
සොඳුර
සොඳුර,
අප නිහඬ බව අතර තුර
මතක අතු රිකිළි
සුළඟ හමන අතටම
දුටුවද? නැවෙන හැටි
Sunday, February 9, 2020
සොඳුර
පාළු මහ රෑ මැදියම
සඳ ළඟින් හෙමිහිට
අඳිමි. මම මගේ හදවත
අමුතු හැඩ ඇති තරුවක
නිවෙන දිලෙනා එළියක
කවි බසක් හැඳිනුවොත්
ඉතිං දැන ගත යුතුය - ඔබ
ඒ තමයි සඳ ලෙසින් - මම
ඔබේ උවනත දුටු දින
Tuesday, January 14, 2020
ඔබට
ප්‍රියය මම, ඔබ - අප නමට
ලියා පවරමි.
ප්‍රේමයක්
මා විතර
නොහඳුනන්නන් වුවොතින් යම් දිනෙක
බෙදා දෙමි අන් අයට - ඒ
ප්‍රේමයම
ඔබ විතර
Tuesday, December 24, 2019
ඔබට
බෙත්ලෙහෙමට - තම්බපණ්ණියට හා අනෙක් තැන් වලට
සීතල
ද
-
උණුසුම
ද
-
ප්‍රේමය ද
සම විය යුතුය
සාමයේ පණිවිඩය හදවතින් දරාගත්
කුරුස මිනිසුනි
ඔබට - ඔබ ප්‍රිය හදවතට
,
මේ
නත්තල
“
ප්‍රේමණීය
”
වේවා
Monday, December 23, 2019
සොඳුර
නුඹේ ගෙළ පලදන්න
රත්තරං නෑ සොඳුර
ලියු කවි පද ගොන්න
බැයිද මුතු කරගන්න
Sunday, December 8, 2019
ඔබට
පුරුද්දක් නැතත් දැන් ඔබට
“
හිතවතිය මම හොඳින්
”
පවසන්න
ප්‍රියය
- ඉඳහිට උනත් මම තවම
දුරක සිට හදවත සිඹිමි මෙලෙස
Sunday, November 10, 2019
සෘතු
ස්ටෙප්ස්;
මිටියාවතට කළියෙන්
වසන්තය ඇවිදින්
ගෙමිදුලට.
ආතුර වු සිතක යළි
පෙම් කවක් ලියන්නට
වසන්තය.
නුඹ හැඬුවා මදි
හිතක් උණු වෙන්ට
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)