Wednesday, November 21, 2018

ඔබට


මගේ ප්‍රේමය මහ සයුර සේ විය
බෝහෝ ගැඹුරුයි විටක නිසලයි
ප්‍රියය ඔබ නැති හුදකලා හිත
රළුව නැඟි මහ වේදනා කන්දයි




Thursday, November 15, 2018

ඔබට



ඔබේ නෙත රැදුන එක සිනහවක් 
සිතින් විමසමි මතකයට ගමි 
හුදකලා සිහින සුළඟක වෙළෙමි
ප්‍රියය - ඒ ප්‍රේමයැයි මා මම රවට ගමි

Wednesday, November 7, 2018

ඔබට


ප්‍රියය - ආලයේ ප්‍රථම සංධවනිය
සමයි මා හෘද ස්පන්දනයට
ගැයුණු කෝමළ ස්වරයක තාලය
සිහිව නාදළු ඉරි ඇදී ඇත



Monday, November 5, 2018

ඔබට


ඉතා දිගු මෝසමට පසුවත්
අහස නොහෙළුව තවත් වැහි ඇති
කඩින් කඩ වැටී කඳුළු හින්දම
ප්‍රියය - ප්‍රේමය ගොළු වෙලා ඇති

Tuesday, October 30, 2018

ඔබට


ආදරේයි ඔබ කීව මෘදූම වචනය සිහිව
මිරිඟුවක් දකිමි එහිදී ඔබ වැළඳ ගමි.
වෙන් වෙන්න පුළුවන් උනත් මට - ඔබට
ප්‍රියය - මිරිඟුව තව නමක් ප්‍රේමයට

Tuesday, September 11, 2018

ඔබට


වසන්තය කියන්නේ ඔබටයි මටයි
ප්‍රිය ය - කවි ගීත වලට එහෙමයි
දුෂ්කරයි - රළුයි ජිවිතය මෙබඳුයි
අපට සිසිරයත් - හේමන්තයත් අපිමයි

Thursday, August 30, 2018

ඔබට

ප්‍රේමයත් මහ මුලාවක්යැයි
අතැර යන්නට විටෙක සිත් වෙයි
එහෙත් ඔබ නෙත කරන ඉඟියක
ප්‍රිය ය - මම වහ වහා පැටලෙයි