හුදකලාවේ ලියු කවි
හෙමින් මුමුණන්න
Wednesday, March 19, 2025
ඔබට
ඇවිද ගිය ඉතා හුරු පුරුදු මාවතක
නුහුරු ලෙස ඇවිද අතරමං විමි
ප්‍රියය
ඔබ - මම - (අප) යළි හමුව
"තවම මම
ප්‍රේමයෙනි
" ඉතිං ඔබ කී පසුව
Sunday, June 9, 2024
ඔබට
මිහිරිතම
දයාවිය
ඔබ, ඉතා ඉමිහිරි සිනාවෙන්
සැඩව නැඟි චණ්ඩ මාරුත දරාගත් ලෙස ප්‍රිතීයෙන්
අමාරුම - අසීරුම තැන් පුරවලා මෘදු
ප්‍රේමයෙන්
ඉතිං මා ප්‍රිය, හිනාවෙනු මැන වැළඳ ගෙන
ඔබ
ආදරෙන්
Friday, August 18, 2023
ඔබට
මිහිරියැයි නම් කෙරූ තැන් වල
ඔබ නැතිව හිතට පාළුය
ප්‍රියය
- ඔබ වැනි
මිහිරියාවක්
මේ සක්වල යළි හමු නොවනු ඇත
Wednesday, August 31, 2022
ඔබට
ප්‍රේමයැයි
නම් කළ හැකි සියල්ලම
නුඹයි - නුඹයැයි - නුඹමයැයි නම් තබමි
ඉතිං ඉන් පසු ඒ නමින් දුක සතුට ඉවසමි
ප්‍රියය
-
ප්‍රේමයට
පර්යාය ක්‍රියා පදයම මම වෙමි
Friday, May 27, 2022
ඔබට
ඔබේ නෙත් මත කිමිදෙමි
කවියකට උල්පත වෙමි.
ඔබේ හිත මත සැනසෙමි
ප්‍රේමයට
මාවත වෙමි.
Saturday, July 3, 2021
ඔබට
ඔබ ඔතන මම මෙතන ඉතිං අප අතර
ගව් සියක් හා තවත් දුර දහසකි පියවර
වහා තරණය කර අප වටා ඇති සමුදුර
"
ප්‍රේමයෙනි
" කියන් මා බදා හිරකර
Wednesday, June 9, 2021
ඔබට
හිතේ ඇති අදහස පැහුණොත් කවියකට
මෙලෙස පද ලියැවේවි ඒ ඔබට දකින්නට
හුස්මක් වැටිය යුතුමයිනේ ජිවත් වෙන්ට
“
හුස්මකැයි
”
කියන අය ඇති අදත් ඔය
හිනාවට
Older Posts
Home
Subscribe to:
Posts (Atom)